ටෙලිනාට්‍යකරණය සහ බිඳවැටෙන මානව සම්බන්ධතා
විශ්වීය ලෝ තලය තුළ සිටින මානවයාගේ පරිණාමීය ඉතිහාසයට අනුව මුල් කාලීනව සරල දිවි පෙවෙතක් ගෙවූ ඔවුන් මූලික අවශ්‍යතා වූ ආහාර, ආරක්ෂාව සහ ලිංගිකත්වය මූලික කරගෙන සිය අවශ්‍යතා සපුරා ගත්හ. මෙම මූලික අවශ්‍යතා පොදු අවශ්‍යතා බවට පත් වීමෙන් පසුව අවශ්‍යතා සංකීර්ණ වීමෙහි ප්‍රතිඵලයක් ලෙස එයට විසඳුම් ලෙස ජනමාධ්‍ය ආගමනය සිදු විය. මුද්‍රණ ක්ෂේත්රයෙන් ආරම්භ වූ ජනමාධ්‍යකරණය ක්රමික විකාශනයත් සමග අදවන විට නව මාධ්‍යකරණයකට එහා ගිය ඩිජිටල්කරණය දක්වා සීඝ්‍රව දියුණු වෙමින් පැමිණ ඇත. මෙම විකාශනයේ ප්‍රතිඵලයත් සමග 1950 දශකයෙන් පසුව මෙරටට පැමිණි රූපවාහිනිය ජනතාවගේ මිතුරා වූයේ නොසිතුවත්මය. රූපවාහිනී ආගමනයත් සමග බිඳවැටෙන් සිනමාකරණයෙන් පසුව ජනතා රස වින්දනය තිව්ර කරන එකම මාධ්‍ය ලෙස රූපවාහිනිය පත් වේ.
ආලින්දයේ මිතුරා ලෙස පැමිණෙන මෙම රූපවාහිනී මාධ්‍ය තුළින් ජනතාව එදිනෙදා තොරතුරු පිළිබඳ දැනුවත් වූ අතර මූලික වැඩසටහන් අතුරින් උසස් ගණයේ ටෙලිනාට්යකරණයත් සමග මුළු පවුලේ සාමාජිකයන් එකට හිඳිමින් වින්දනාත්මක වූ ආධ්‍යාත්මක සුවයක් ලබා ගත්හ. නමුත් ක්‍රමිකව වර්ධනය වූ හිමිකාරීත්වයේ සහ වෙළඳ කි‍්‍රයාකාරකම්වල ප්‍රතිඵලයක් වූ වාණිජකරණය නිසා රූපවාහිනිය තුලින් ජනතාව විඳි අධ්‍යාත්මික රසාස්වාදය බිඳ වැටීමට ලක් විය. බිඳ වැටීමේ ආරම්භය වර්තමානය වන විට කෙතරම් ප්‍රබල වී ඇත්දැයි පැවසුවොත් රූපවාහිනිය විකාශිත කාලය තුලින් ජනතාවට ලබාගත හැකි යමක් නොමැති තරම්ය. කෙසේ නමුත් මුල් කාලීන ටෙලිනාට්‍යකරණය සහ අද බිහිවන වට්ටෝරුගත ටෙලිනාට්‍යකරණය ගත් විට ටෙලිනාට්‍ය යන කලාව අද කලා ක්ෂේත්රයෙන් ඈත් වෙමින් යයි. බහුජාතික සමාගම් විසින් බලහත්කාරයෙන් අපට ආරෝපණය කරන විදේශීය සංස්කෘතියට අප දැන් ග්‍රහණය වී අවසන්ය. ප්‍රධාන වශයෙන් රූපවාහිනී ටෙලිනාට්‍යකරණය ආක්‍රමණය කර ඇති ඉන්දීය වට්ටෝරුගත ටෙලිනාට්‍යකරණය අද සමාජයේ ජනතාව පැල් බැඳගෙන ඇසිපිය නොහෙලා පැය 2, 3ක් එකතැන හිඳිමින් නරඹන්නේ මෙම බොල් ටෙලිනාට්‍ය හරහා සිදු කරන ආක්‍රමණයට අප යටත් වී ඇති නිසා නොවේද
ජනශ්රැතිය ඔස්සේ සාම්ප්‍රධායික සන්නාවේදන ක්‍රමවේදය යටතේ අපගේ හැඟීම් ප්රකාශනයට බිහි වූ නාට්‍යකරණයෙන් බිඳී ආ මෙම ටෙලිනාට්‍යකරණය ඔස්සේ මූලික කරගෙන බිහි වුණ ටෙලිනාට්‍ය පෙන්වා දෙන රැුල්ලට යන ජනපි‍්‍රය ජීවන සම්ප්‍රධායන් හේතුවෙන් ඔවුන් එම ජීවන පැවැත්මට පොළඹවමින් මාධ්‍යයට අනුව පුද්ගලයා ජීවිතය ගත කරන තත්වයට අද මාධ්‍යකරණය පැමිණ ඇත. මුල් කාලීනව බාල තරුණ වැඩිහිටි පවුලේ කවුරුත් එකට හිඳිමින් නැරඹුව ටෙලිනාට්‍ය අද රැුල්ලට යන බොලඳ මානසිකමය හැඟීම් ඔද්දල්වමින් වර්ධනය වෙමින් පවති. ස්තී‍්‍රය, ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයන් කර ගනිමින් විවාහය, දික්කසාදය, පවුල් සම්බන්ධතාවන් මූලික තේමාව කරගත් වර්තමාන ටෙලි මාලාවන් තුලින් ජීවිතයට ගත හැක්කක් නොමැත. මුදල මූලිකවන රූපවාහිනී නාලිකාවක් සිය ජනපි‍්‍රයත්වය රැුක ගැනීම සඳහා සීමාවකින් තොරව මෙවැනි වට්ටෝරුගත ටෙලිනාට්‍ය විකාශනය කරමින් දේශීය සංස්කෘතිය සමග ගොඩනගාගෙන දේශීය ටෙලිනාට්‍යකරණය අනතුරේ හෙලා ඇත. අදටත් බොහෝ රසික පිරිසක් අගයන දඩුබස්නාමානය, ගිරය, දළ රළ පෙළ, අඹ යහළුවෝ, බෝඩිම, හිරුට මුවාවෙන් වැනි දේශීය ටෙලිනාට්‍යකරණයේ ඉහළ ස්ථානයක වැජඹුනු මෙවැනි ටෙලිනාට්‍ය අද බිහි නොවන්නේ මෙම මානසිකත්වයෙන් යුතු මාධ්‍යකරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. වර්තමාන රූපවාහිනිය විකාශනය ගත් විට සවස 7.30 න් පසුව පුරා පැය කිහිපයක් එක දිගට හිඳගත් විට ඇසිපිය නොහෙලා බලා සිටින ටෙලි පෙරහැරකට ජනතාව පුරුදු වී සිටී. කුසට ආහාර නොගත්තත් ටෙලිනාට්‍ය අමතක කිරීමට නම් නොහැකි පේ්රක්ෂක පිරිසක් මෙම ටෙලිනාට්‍යකරණයට පොළඹවාගෙන ඇත. වර්තමාන ටෙලිනාට්‍ය මෙයට කදිම නිදර්ශන සපයයි. සිරස නාලිකාවේ විකාශිත සල්සපුනා, මේ ආදරයයි ටෙලි නාට්‍ය ද හිරු නාලිකාවේ ආදරෙයි මං ආදරෙයි, කවුරුන්ද නුඹ මගේ, හීනයක්ද මේ වැනි ටෙලි මාලාවන් මෙන්ම දෙරන නාලිකාවේ දෙවෙනි ඉනිම, සදහටම ඔබ මගේ වැනි දිනපතා ටෙලිනාට්‍යද පේ‍්‍රම දඩයම, ආදර මායාව වැනි සති අන්ත ටෙලි නාට්‍ය ද ගත්විට අපට ලැබී ඇත්තේ වට්ටෝරුගත පුහු මානසිකමය හැගිම් පමනි. අද ජීවත්වන පුද්ගලයා සිය ජීවිතය තුල වු පුහු මානසිකමය චරිත නිර්මාණය කර ගනුයේ මෙම ටෙලිනාට්‍ය වීරයන් ආදර්ශය කොට ගනිමිනි. ගෙදර ස්වාමියා ප්‍රාර්ථනා කරනුයේ ඉෂිතා, ශඟුන්, ස්වප්නා වැනි බිරින්දෑවරුය. මෙයට ප්‍රතිපාර්ශව බිරින්දෑවරු ස්වාමියන් දකින්නේ ටෙලිනාට්‍යකරණයේ කාඞ්බෝඞ් වීරයන් ලෙස සැලකෙන සුරාඡ්, රමන්, රන්දීර්, ගගන් වැනි චරිතයන් ඔස්සේය. සිය ජීවිතය ඔවුන් පෙන්වන මුලාවට අනුව නිර්මාණය කර ගැනීමට යාම නිසා අද සිය විවාහය දෙදරා ගොස් දික්කසාදය යන තත්වයට පත් වීමට තරම් මෙම ගැටළුව දැන් දැන් වර්ධනය වෙමින් පවති. ඕනෑම සිදුවීමක් ඉක්මනින් ග්‍රහණය කර ගන්නා ළමා මනස ටෙලිනාට්‍ය ඔස්සේ මෙහෙයවීම නිසා ටෙලිනාට්‍ය ඹස්සේ මවාපාන සුරංගනා පවුලක් දරුවා අපේක්ෂා කරයි. තමන්ගේ මව පියා මෙම ටෙලිනාට්‍ය චරිත ඔස්සේ සසඳයි. මෙම ගැටළුවෙහි තම දෙමාපියන් නොහඳුනන තත්වයට ළමයා පත් වී ඇත. අඩු වයසින් සිදුවන පේ‍්‍රම සබඳතා, විවාහය මෙන්ම දුෂණයන්යට බලපානුයේ මෙම මානසිකත්වයයි. අනියම් සබඳතාවයක් වැඩි වශයෙන් අවධාරණය කරන මෙවැනි ටෙලිනාට්‍ය නිසා විවාහය යන වටිනා මානව සම්බන්ධතාවට ලැබී තිබූ වටිනාකම ගිලිහී ගොස්ය. මෙයට ප්‍රධාන වශයෙන් පොළඹවාලූයේ මෙම ටෙලිනාට්‍යකරණය ඔස්සේ පෙන්වන ලද බොලඳ මානව සම්බන්ධතාවන්ය. බොලඳත්වයට මුල් තැන දුන් සාටෝප ජීවිතය මාධ්‍යයට පාලනය කරන්නට දී උඩ බලා සිටීමෙන් ඔබ සහ ඔබ අවට සිටින්නන්ගේ හෙට දිනය අඳුරු මුඛයට ඇද දමයි.
වාණිජ්‍යකරණයත් සමග රැල්ලට යන මෙම ටෙලිනාට්‍යකරණය ඔස්සේ සිය ජීවිතය ගොඩනගන්නට උත්සහ කරන පුද්ගලයන් නිසා ගොඩනැගෙන මානව සම්බන්ධතාවන් හේතුවෙන් සමාජමය ගැටළු රාශියක් නිර්මාණය කරමින් පවති. එම නිසා බොලඳ මානසිකත්වයෙන් මිදී යථාර්තවත් වු මානසිකත්වයෙන් මෙවැනි නිර්මාණයන් හඳුනාගෙන බොලඳ ටෙලිනාට්‍යයන් ඔස්සේ මවාපාන සුරංගනා ලෝකයට සිය ජීවිතය යටත් වීමට ඉඩ නොදිය යුතුය. ධනාත්මක මනසින් මාධ්‍යකරණය වටහාගනිමු. එය ඔබේ ජීවිතය හා බැඳුණු මානව සම්බන්ධතාවන් ශක්තිමත් කරන්නට මෙන්ම යහපත් පවුල් පසුබිමක් ඇති කරන්නට පිටිවහලක් වේ.
keep it up
ReplyDeleteThanks dinu
ReplyDeleteall the best disna..
ReplyDeleteThanks sheha
DeleteGood job.keep it up
ReplyDeletethanks dr
Deleteගොඩක් හොඳයි සුබපැතුම්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThanks chamii
ReplyDeleteහරවත් දෙයක්.........සුභ පැතුම්..
ReplyDeleteGood job sis..
ReplyDeleteNice idea
ReplyDeleteThanks dr
DeleteThis comment has been removed by the author.
ReplyDeleteNiyamai
ReplyDeleteThanks thilini
Deletepatttma... akkiyooooo....
ReplyDeletethanks malli
DeleteGood All The Best
ReplyDeleteGood All The Best
ReplyDeleteGood All The Best
ReplyDeleteGood article
ReplyDelete