විචාර

             
                                    විජේසෝමගේ කලාවට ආමන්ත‍්‍රණයක්

              



                                       සාහිත්‍යය කලාවන් අතුරින් ඉතා විශිෂ්ඨ මෙන්ම, පාඨක අවධානය වැඩි වශයෙන් දිනා ගන්නා කලාවක් ලෙස කාටුන් කලාව හදුනාගත හැකිය. හඩකින් කිව නොහැකි බොහෝ දේ රූපයකින් ව්‍යංගාර්ථව ප‍්‍රකාශ කිරීමට සහ එමගින් පහර එල්ල කළයුතු පුද්ගලයාට පහර ගැසිමට තරම් බලයක් මෙන්ම ශක්තියක් කාටුනයක් තුළින් ඉදිරිපත් කිරීමට කාටුන් ශිල්පියාට හැකියාව ලැබි ඇත. චිත‍්‍ර කලාවේ විකාශනයත් සමඟ බිහි වු කාටුන් කලාව අද වන විට ජනපි‍්‍රය විශ්ව ප‍්‍රකාශනයක් බවට පත්වී ඇති අතර කාටුන් චිත‍්‍ර අයුක්තියට, අසාධාරණයට, කුරිරූ පාලනයට, ඒකාධිපති බලයට එරෙහිව නැගී සිටින මාධ්‍යයක් වී ඇති ඇත. මෙම කාටුන් පිළිබදව විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇති අතර ,

              ”කාටුන් ,විකට රූප මගින් අදහස් පළකරන විකට චිත‍්‍රය”

                  ලෙස මහා සිංහල ශබ්ද කෝෂය හදුන්වා දී ඇත. විවිධ තේමා, ජනපි‍්‍රය කාලීන සිදුවීම හෝ පුද්ගලයන්ගේ කි‍්‍රයාවන් මුලික කරගෙන අදවන විට කාටුන් නිර්මාණය කරමින් පුවත්පත් මෙන්ම ලිඛිත මාධ්‍ය බොහොමයක් හරහා ඉදිරිපත් කරයි.කාටුන් තුලින් බොහෝ අවස්ථා වල ජනතාවගේ ප‍්‍රශ්න ගැටළු පිළිබද වගකිව යුතු බලධාරින්ගේ අවධානය යොමු කිරීමට උත්සහ කරයි. ඵහි අවධානය යොමු වනවාද නැද්ද යන්න තීරණය වන්නේ කාටුන් නිර්මාණකරුවගේ දක්ෂතාවය හා හැකියාව මතයි.අද වන විට පාඨක ජනතාව අතර බොහෝ කාටුන් ශිල්පීන් ජනපි‍්‍රය වී ඇත. ඒ අතුරින් අවන්ත ආටිගල, දාස හපුවලාන, වීනි හෙට්ටිගොඩ, පී‍්‍රති කන්නන්ගර, එම්.ඞී.වීරරත්න, ඩබ්ලිව්.ආර්.විජේසෝම,  ඕබිරි කොලට්,තිස්ස හේවාවිස්සගේ වැනි කාටුන් ශිල්පීන් ප‍්‍රධාන තැනක් ගනී. බොහෝ විට අන්වර්ථ නාමයන්ගෙන් තම කාටුන් නිර්මාණය කරයි.මෙහිදී මෙම ශිල්පීන් අතුරින් ඩබ්ලිව්.ආර්.විජේසෝම නම් විශිෂ්ඨ කාටුන් ශිල්පියාගේ කාටුන් නිර්මාණයන් සමාජයේ පෙරලියක් කරන්නට සමත් විය. දේශපාලන, ආර්ථික, සමාජ මෙන්ම ත‍්‍රස්තවාදය, ජීවන වියදම, හදිස්සි අවස්ථාවන් වැනි සමාජයේ මුලික ගැටළු පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බව ඹහුගේ කාටුන් අධ්‍යයනය කරන විට පැහැදිලි වේ. මෙම කාටුන් ශිල්පියා බොහෝ අවස්ථා වල උපහාසය මුලික කරගෙන වක‍්‍රරව තම කාටුනය මගින් ප‍්‍රකාශ කිරීමට උත්සහ ගෙන ඇත. මොහු හැමවිටම නිදහස් කාටුන් ශිල්පියකු ලෙස තම නිර්මාණයන් සිදුකර ඇත. අද වන විට මෙම නිර්මාණකරුවා අප අතර නොසිටිය ද ඔහුගේ නිර්මාණයන් පාඨකයන් අතුරින් වියැකී ගොස් නැත. තවමත් ඔහුගේ පුංචි සිංඤ්ඤො ජීවමානය.එම නිසා ඔහුගේ නිර්මාණයන් මෙලෙස විවරණයට ලක් කිරීම කාලීනව වැදගත් වේ. 
                              
                                        කාටුන් නිර්මාණ ක්‍ෂේත‍්‍රයේ ඉහල නමක් දිනාගත් මෙතුමා නමින් විජේරූපගේ විජේසෝම නොහොත් ඩබ්ලිව්.ආර්.විජේසෝමය. දශක ගණනාවක් මුළුල්ලෙහි කාටුන් ශිල්පයෙහි ප‍්‍රවීණයෙකු වු මෙතුමා 1925 වර්ෂයේ උපත ලබයි. ඹහු මාතර පරපුරේ දැවැන්තයෙකු වුවද උපන්නේ කොලඹදීය. කුඩා කාලයේදීම මව මියගිය මෙතුමා පුංචි සන්ධියේ සිට ජීවත් වුයේ තම පියා සමගය. කුඩා අවධියේ දී මාලිගාකන්ද මහා විද්‍යාලයේ දි ඉගෙනුම ලබන විට ඔහුගේ චිත‍්‍ර ඇදීමේ හැකියාව පාසලේ ගුරුවරුන් හදුනා ගත්හ. එම හැකියාව නිසා පාසලේ විවිධ දක්ෂතා දැක්වූ මොහු එකල පාසලේ ගුරුවරයෙකු වූ ජේ.එච්. පීරිස් මහතාගේ මග පෙන්වීම යටතේ පාසල තුළ දිනපතා පුවත්පතක් පවත්වාගෙන ගොස් ඇත. පසු කාලීනව ච්ත‍්‍ර ශිල්පය ප‍්‍රගුණ කිරීම සඳහා ටෙක්නිකල් කොලීජියට ඇතුළත් විය. 

                          පුවත්පතකට සම්බන්ධ වීමට ඉගෙන ගන්නා කාලයේ සිටම පැවති ආශාව මත  මොහු පළමු රැකියාව ලෙස ටයිමිස් පුවත්පතේ සෝදුපත් බලන්නෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව හිමි කර ගත්හ. මෙයින් පසුව ”ලංකාවේ දේශපාලඥයෝ” නමින් පළකල කාටූන් එකතුව මොහුගේ පළමු කාටූන් පෙළ විය. සන්ඬේ ටයිමිස් පත‍්‍රය ඔහුගේ නිර්මාණවලට කදිම තෝතැන්නක් වූ අතර සෝදුපත් අංශයෙන් විජේසෝම මාරු වූයේ කර්තෘ මණ්ඩලයට ය. ධනපාල මහතාගේ ඉල්ලීම පරිදි ඉරිදා ලංකාදීපයේ ”සිත්තර පටි” නමින් කාටූන් චිත‍්‍ර පෙළක් නිර්මාණය කරන්නට ද හැකි විය. 

1948 සිට 1968 දක්වා කාලය තුළ ටයිමිස් ආයතනයේ සේවය කළ විජේසෝමයන් පසුව ලේක් හවුස් ආයතනයට සම්බන්ධව ඔබ්සර්වර් පුවත්පතේ සහ සිළුමිණ පුවත්පතේ කාටූන් නිර්මාණයට දායක විය. දිවයින පුවත්පතේ 1981 සිට 1996 දක්වා කාටූන් ඇන්ද  හ. මොහුගේ කාටූන් සාමාන්‍ය පාඨකයා සැණෙකින් හඳුනා ගත්තේ ”පුංචි සිංඤෝ නම් නම කියූ     විට ය. නම පුංචි වුව ද මොහුගේ කාටූන් පුංචි නොවූ අතර ලංකාවේ පමණක්  නොව ජාත්‍යන්තර කීර්තියට ද පත් වූ අතර  නිව්යෝර්ක් ටයිමිස් පුවත්පතට ද කාටූන් අදින ලදි. 

               පොදු ජනතාව නියෝජනය කිරීම සඳහා විජේසෝමයන් විසින් ගොඩනගන ලද පුංචි සිංඤෝ නම් කාටූනය පාඨකයා අතර ජනපි‍්‍රය චරිතයක් බවට පත් විය. පුංචි සිංඤෝ 1950 දශකයේ විසූ ජාතික ඇඳුමින් සැරසී ගත් පුද්ගලයෙකි. ආර්ථීක අපහසුතා හේතුවෙන් පුංචි සිංඤෝගේ ස්වරූපය වෙනස් වීම කාටූනය තුළින් ද දක්නට ලැබේ. ජාතික ඇඳුමින් සැරසී සිටි ඔහු පසුව ඉරුනු ඇඳුමින් ද ක‍්‍රමයෙන් වැරහැලි බවට ද පත් විය. ඉන් අනතුරුව සරම ද ගැලවී ගොස් ඉතිරිව තිබුණේ ජාතික ඇඳුමේ උඩ කොටස පමණි. පොදු ජනතාව විඳින දුක් ගැහැට මෙම කාටූන් චිත‍්‍රය ඔස්සේ සංකේතයක් ලෙස නිරූපණය කරන ලදි. පුංචි සිංඤෝට පසුකාලීනව දැකගත හැකි වූයේ එහෙන් මෙහෙන් අන්ඩ සැමූ උඩ බැනියමත් කබල් කුඩයක් හා පන් මල්ලක් පමණි. අදවන විටත් විජේසෝමගේ පුංචි සිංඤෝ චරිතය ජනතාව අතර ජීවත් වේ. විජේසෝමයන්ගේ කාටූන් තුළ සංකේත භාවිතය බහුලව දක්නට ලැබුණි. ප‍්‍රචණ්ඩත්වය බෝම්බයකින්, හදිසි අවස්ථාව  ගල් තොප්පියකන් ද, උතුරේ කොටි ත‍්‍රස්තවාදීන් කොටියෙකුගේ රූපයකින් ද, රොකට් එකකින් ජීවන වියදම ද, විදේශ ජනයා ආධාර ඉල්ලමින් ලෝකය වටේ යාම සංකේතවත් කිරීමට පාත‍්‍රය ද නිරූපණය කළහ. කාටූන් සඳහා එය විස්තර කිරීමට වාක්‍ය යොදා ගැනීම කාටූන් චිත‍්‍රය දුර්වල වීමට හේතුවන බව විජේසෝමගේ අදහස විය. ඔහු වරෙක ප‍්‍රකාශ කර ඇත්තේ,

කාටූන් භාෂාවේ හෝඩියක් මම හදාගත්තා. මේ සංකේත හෝඩිය මගින් ඉතා සරලව සහ කෙටියෙන් බොහෝ දේ පැවසිය හැකිය. පාඨකයන් දහස් ගණනක් මෙම හෝඩිය තේරුම් අරගෙනය මෙම චිත‍්‍ර රස විඳිනනේ ” 

ලෙස ය. මොහු එදා පටන්ම නිදහස් මත දාරියෙකු ලෙස කටයුතු කළහ. සැබෑ කාටූන් ශිල්පියා ජීවත් වන්නේ පොදු ජනතාව සමගය. පොදු ජනතාවගේ දුක් කරදර පීඩාවන් කාටූන් තුළින් විනිවිද දැකීමටත්, අයහපතට, අසාධාරණයට, විරුද්ධව පහර දීමටත් යහපත් සාධාරණයන්ට පිදීමත් ඔහුගේ කාටූන් තුළින් දැකගත හැකි විය. විජේසෝම කාටූන් නිර්මාණය කිරීමට ඔහුට පුවත්පතෙහි හිමි වූයේ දිග අඟල් 7ක් සහ පළල අඟල් 6ක් වැනි හතරැුස් ඉඩකි. එහි අඳිනු ලබන මිනිස් රූප ඉතා අල්ප ය. නමුත් අදහස් කරනු ලබන පණිවිඩය ඉතා ප‍්‍රබලය. මිනිස් රූප මෙන්ම යක්ෂ රූප මගින් ද විජේසෝම සිය අදහස් ප‍්‍රකාශ කළහ. මේ අතර බහුලව යොදා ගත්තේ ත‍්‍රස්තවාදී සංවිධානයේ සංකේත කළ කොටියෙකුගේ රූපයයි. ප‍්‍රජා අයිතිය, ජන වාර්ගික අර්බුධය, ජීවන වියදම, ත‍්‍රස්තවාදය, මෙන්ම ප‍්‍රකාශන නිදහස සම්බන්ධව ද යම් අවස්ථාවක කාටූන් තුළින් ප‍්‍රකාශ කර ඇත. නමුත් දිවයින පුවත්පතෙහි සේවය කරන ලද කාලය තුළ ඉහළ බලධාරීන් විසින් මොහුහේ කාටූන් කපා හැර ඇති අවස්ථා පිළිබඳව ද සඳහන් වේ. මොහු ලංකාදීපයට ද ”ටිකිරි ටොක්ක” නම් පොකට් කාටූනයක් ඇන්දහ. වත්මන, සිරිසර, සිව්දෙස, රසවාහිනී වැනි සඟරා වල ද මොහුගේ කාටූන් දැකගත හැකි විය. 

මේ අනුව සලකා බලන විට මොහු සමාජ, දේශපාලන, ආර්ථීක ආදී සෑම    ක්ෂේත‍්‍රයකම කාටූන් නිර්මාණය කර ඇත. මොහු පිළිබඳ වරෙක බි‍්‍රතාන්‍ය මහා කොමසාරිස්වරයෙකු වූ ”වෝකර් ” මහතා ප‍්‍රකාශ කළේ,  
පුද්ගල කෝන්තරයෙන් තොරව කෝපයෙන් වෛරයෙන් බැහැරව කාටූන් අඳින මා දුටු ප‍්‍රබලම කාටූන් ශිල්පියා විජේසෝමයි.”

ලෙසය. මෙලෙස රටට විශිෂ්ඨ සේවයක් කරමින් කාටූන් කලාව ඉදිරියට ගෙනගිය විජේසෝමයන් වසර 81 ක් ආයු වළඳා 2006 ජනවාරි 18 මිය ගියහ. මොහුගේ අඩුව කාටූන් කලාවට විශාල පීඩනයක් ගෙන දෙන ලදි.

10 comments: