හැරගිය පෙම්වතාට
වසත් සමයේ හැගුම් පොපියන
සොදුරු සිහිනෙට ලොල් වෙලා
නිමාවුනි ද ඒ ගෙවු අතීතය
කිම ද නුඹ ගියේ මා දමා....
පියෙන් පිය දොඩමළුව පිය නැගු
ආදරේ අද ගොළුවෙලා....
දෛවයේ සරදමද මේ කිම
විරහවෙන් සිත පාරනා.....
නුඹට නොදැනුන මාගේ පේ‍්‍රමය
වෙනතක ද අද ළංවෙලා....
පාළුවයි තනිකමයි තනියට
නිබද දිවියේ රජවෙලා.....
නුඹට වැටහුන දිනෙක ආලය
නැවත ඒවිද මා සොයා
බලාඉමි තව කල්පයක් වුව
එනවදෝ මේ මා සොයා.....
creative
ReplyDeletelassana getthamak
ReplyDeletelassanai
ReplyDelete