උන්මාදයක් වු ජනපි‍්‍රය සංස්කෘතිය
මිනිස් සිත වු කලී මිත්‍යාමය වශයෙන් ගොඩනැගුන ආකර්ශනීය දේ පිළිබදව ලොබ බදින සත්වකොට්ඨාසයකි. වර්තමාන සමාජයත් සමග සසදා බලන කල ජනපි‍්‍රය සංස්කෘතිය යන කලාව මෙහි සත්‍යතාවය පසක් කරයි. වර්තමානයේ පවතින කලාවන් අතුරින් කා අතරත් ජනපි‍්‍රය වු සිත් ඇදගන්නා වු කලාවක් ලෙස ජනපි‍්‍රය සංස්කෘතිය හදුනාගත හැකිය. මේ අනුව ජනපි‍්‍රය සංස්කෘතිය යන්න හදුනාගැනීමට පෙර සංස්කෘතිය පිළිබද අවබෝධයක් පැවතිය යුතුය. මෙයට විවිධ විචාරකයින් විවිධ මත ඉදිරිපත් කර ඇති අතර ඊ බී ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කර ඇත්තේ,
”දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත්විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගන්නා වු පුරුදුපුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්ථයයි.”
මෙවැනි අර්ථදැක්වීමකි. මෙලෙස හදුන්වා දුන් සංස්කෘතිය ක‍්‍රමයෙන් විකාශනය වීමත් සමග 1950-1960 දශකයන් පසුවීමත් සමග ජනපි‍්‍රය සංස්කෘති යන්න එකතු වන්නට විය. මෙහිදී සරලවම ජනපි‍්‍රය යන්නෙන් අදහස් කරන්නේ ”ජනයා අතර පි‍්‍රය වු” හා ”ජනයා සමග වැඩෙන” යන්නයි. 20 වන සියවසයත් සමග මෙය ශීඝ‍්‍රයෙන් වර්ධනය වී පවතින සංස්කෘතියට වෙනමම කලාවක් හෙවත් හැඩයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබිනි. ප‍්‍රධාන වශයෙන් සිදුවුයේ මාධ්‍ය බලපෑමත් සමග ජනපි‍්‍රය කලාව හෙවත් පොප් කල්චර් සමාජ කරලියේ දිදුලන්නට පටන් ගැනීමයි.
20 වන සියවසේ මෙය වඩා ප‍්‍රචලිත වීමත් සමග මෙම ජනපි‍්‍රය සංස්කෘතිය ජනතාව අතර එය ආකර්ශනය වීමක් සිදුවු අතර ක‍්‍රමයෙන් එය ඔවුනගේ ජීවිතයේ කොටසක් බවට පත්වන්නට විය. පුවත්පත, රූපවාහිනිය, ගුවන්විදුලිය, සිනමාව මෙන්ම වර්තමානයේ නව මාධ්‍ය දක්වාද ශීඝ‍්‍රයෙන් විකාශනය වු මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති සංකල්පය දිගුකාලයක සිට වැඩෙමින් පවතින අතර එය ජන මිනිසාගේ දෛනික ජීවිතය හා බැදෙයි. පොදුජන විඥානය මෙහෙයවන හෙජමනයක් ලෙස ජනමාධ්‍ය ජනපි‍්‍රය සංස්කෘතිය කි‍්‍රයාත්මක කරයි. සමාජය තුළ ඇතිවුන රැල්ලක් ලෙස පැතිරී ගිය මෙම ජනපි‍්‍රය සංස්කෘතිය අදවන විට මිනිසාගේ සියළු දේ කෙරෙහි බලපෑම් කර අවසන්ය. වත්පිළිවෙත්, ජීවන ශෛලිය, ආහාරපාන, ඇදුම්පැළදුම්, හැසිරීම් රටාව, විනෝදය, සතුට ආදී කුමන අංගයක් වුවද අද මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති රැල්ලට හසුවී අවසන්ය. මේ අනුව බලන විට ජනපි‍්‍රය සංස්කෘතිය වු කලී පංති අතරේ පවතින සංස්කෘතිකමය වෙනස්කම් එකිනෙකා මත ප‍්‍රතිරෝධය වෙමින් එකතු වීමක් මතු කරන බල ක්ෂේත‍්‍රයක් ලෙසද හදුනාගත හැකිය. රැල්ලට එහා ගිය උන්මාදයක් බවට පත් වු මෙම ජනපි‍්‍රය සංස්කෘතිය අද වන විට මිනිසාගේ සියළු හැසිරීම් රටාවන් මෙහෙයවයි.
තම ආර්ථීකයට අනුව තම පසුම්බියේ පවතින මුදලට අනුව තිබෙන යමක් කුසට දමාගෙන බඩගින්න නිවා ගත් අතීත මිනිසා අද වන විට,
”ඊජීබී නැතිව කෑම එපා”
”යෞවනයේ පොපියන චමත්කාරය”‐ අලියා බීම
වැනි පුහු සංකල්පයන් වෙත හඹා යමින් මැක්ඩොනල්ඩීි වැනි සුපිරී පන්නයේ කඩකාබරයන්ට ගමන් කරයි. පසුම්බියේ පවතින මුදලට වඩා සමාජයේ පුහුපිළිගැනීමට මිනිසා හුරු කල මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති මෙහෙයවන්නා මෙය කුඩා දරුවාගේ සිට වැඩිහිටි මහළු සමාජයේ සියලූ කණ්ඩායම් වෙත කාවද්දවා අවසන්ය. තමන්ගේ සංස්කෘතිය ගැනවත් තැකීමකින් තොරව අගල් දෙකේ කෙටි සායවල්, හැට්ට ඇදගනිමින් ඇවිදින්නට බැරි තරම් උස ඇගිල්ලක් තරම් මහතට නිර්මාණය කල අඩියක් ඇති සෙරෙප්පු පැලදගෙන පාරේ කාන්තාවන් ගමන් කරන්නේ මේ ජනපි‍්‍රය සංස්කෘතිය ඇතිකල පුහු සමාජ පිළිගැනීම නිසා නොවේද. ජනපි‍්‍රය විලාසිතාව ලෙස පිළිගන්නේ සංස්කෘතියට එහා ගිය ජනපි‍්‍රය සංස්කෘතිය හරහා පැමිණි මෙම විලාසිතාවන්ය. ජනමාධ්‍ය නිර්මාණශීලිත්වය මෙන්ම වට්ටෝරු ගත නිෂ්පාදන පෙරලිය හරහා මෙය ව්‍යාප්ත වෙමින් පවතී.
නුතන කලා විචාරකයන්ට අනුව ජනපි‍්‍රය සංස්කෘතිය යන්න වඩා බහුතර ජනතාවකගේ සංස්කෘතිය වේ. අලෙවිය මුලිකව ඇති වු මෙම ජනපි‍්‍රය සංස්කෘතියේ මුලික පරමාර්ථය ලාභය හෙවත් මුදලයි. ජනපි‍්‍රය සංස්කෘතියේ මහා මොළකරුවා වන රූපවාහිනිය හරහා මෙය ප‍්‍රබලව සමාජගත කරන අතර සංගීතයෙන්, ගීතයෙන්, රියැලිටියෙන්, දැන්වීම්කරණයෙන් මෙන්ම ටෙලිනාට්‍යකරණයෙන්ද පොප් සංස්කෘතිය රූපවාහිනී තිරය හරහා කලඑළි බසි. බොළද ඉන්දීය වට්ටෝරුගත ටෙලිනාට්‍යකරණය දෙස දෑස් අයා පැය කිහිපයක් එකදිගට නරඹන්නට ජනතාව හුරු කර ඇත්තේ මෙම ජනපි‍්‍රය සංස්කෘතිය මගිනි. ප‍්‍රබල වශයෙන් ස්ති‍්‍රය හා තරුණ පිරිස ජනපි‍්‍රය සංස්කෘතිය ප‍්‍රධාන ග‍්‍රාහක කණ්ඩායම් දෙක ලෙස හදුනාගත හැකි අතර ඔවුන් මුලික කරගෙන එහි ලක්ෂණයන් ගොඩනැගීම මෙන්ම වෙනස් වීම සිදුවේ. ඇබ්බැහියක් ලෙස පැතිරී යන මෙම ජනපි‍්‍රය සංස්කෘතියෙන් තොරව අදවන විට කිසිදු දෙයක් නිර්මාණය නොවන තත්වයට පැමිණ ඇත. ඒ බව ජනතාවද දෑත් දිගුකර සත්‍ය ලෙසම පිළිගෙන අවසන්ය.
පවතින සංස්කෘතියෙන් එහා ගිය සංස්කෘතියක් බිහි කල මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති රැල්ලට හසුනොවී බුද්ධියෙන් සිතා කටයුතු කළ යුතු කාලය පැමිණ ඇත. නැතහොත් සංස්කෘතියක් නොමැති රටක් ලෙස ශී‍්‍ර ලංකාවද පත්වීම වැළැක්විය නොහැකි කරුණක් බවට පත්විය හැකිය. එම නිසා මිනිසාගේ සියලූ දේ පාලනය කරන්නට රැල්ලක් ලෙස පැමිණි ජනපි‍්‍රය සංස්කෘතිය සමාජ පිළිගැනීම් වලට වහල් නොවී බුද්ධියෙන් සිතාබලා පිළිගැනීම සමාජයේ සියලූ පුරවැසියන්ගේ වගකීම වියයුතුය.එය අනාගත පරපුරට සුභදායක සමාජ පරිසරයක් නිර්මාණය කරයි.
Godak Hodai
ReplyDeletethanks banu
DeleteGood article..
ReplyDeletethanks rahu
DeleteGodak Hodai B.nangi
ReplyDeleteAll The Best
thanks aiye
Deletethanks tharika
ReplyDeletekeep it up disna akkeee...
ReplyDeletethanks chathu
Deletegood job
ReplyDeletegodak watinawa
ReplyDeleteThanks chamiii
DeleteGood article
ReplyDeleteThanks dr
DeleteThis comment has been removed by the author.
ReplyDeletethanks ruwii
ReplyDeleteනවීකරණය වූ සමාජ ක්‍රමයට අනුවර්තනය වීම සෑම සමාජජීවියෙකු සතු ලක්ෂණයකි.නමුදු තමාගේ සංස්කෘතිය හා එහි වටිනාකම් අගනාකම් රැකගෙන නවීන සමාජය තුල ජීවත්වීම සාර්ථක මානවයෙකු සතු ලක්ෂණයකි.
ReplyDeleteප්‍රෙයෝජනවත් ලිපියක්....
සුභ පැතුම්
ස්තූතියි ඇගයීමට
Deletewatina adahasak
ReplyDeletekeep it up
ReplyDelete