යථාර්තවත් මිනිස් ජීවිතය කෙරෙහි පාරිසරික ජීවයේ බලපෑම
මානවයාගේ ජීවයේ රදාපැවැත්ම තීරණය කරන එක් සාධකයක් ලෙස පාරිසරික පැවැත්ම හදුන්වාදිය හැකිය. යහපත් පාරිසරික වාතාශ‍්‍රයක් මෙන්ම දුෂිත නොවු පරිසරයක් රදා පවතින්නේ කෙතරම් කාලවකවානුවක වන්නේ ද එතෙක් මිනිසාගේ ජීවය පැවතිය යුතු කාලය තීරණය වේ. පරිසරය මුලික ප‍්‍රභේද දෙකොටසක් යටතේ බෙදා දැක්විය හැකිය. එනම් පිරිසිදු පරිසරය සහ අපිරිසිදු පරිසරය ලෙසය. මිනිස් ජීවිතයට පිරිසිදු පරිසරය අත්‍යවශ්‍ය අංගයක් වන අතර අපිරිසිදු පරිසරය මිනිස් ජීවිතයට හානිකර තතත්වයන් ඇති කරයි. කායිකව මෙන්ම මානසිකවද සංවර්ධනය වීමට පරිසරය තුලින් මිනිසාට ලැබෙන දායකත්වය මිල කල නොහැකි තත්වයකි. නමුත් කාලීන වශයෙන් මෙම ධර්මතාවය අමතක කල මිනිසා කායිකව සහ මානසිකව තම සංවර්ධනය පිරිහීමේ තත්වයකට ඇද දමමින් පැවතීම ශෝකය උපදවිය යුතු කරුණකි. පිරිසිදු පරිසරයක් තුල ජීවත්වීම මත ලැබෙන යහපත් ප‍්‍රතිඵලයන් පිළිබදව සිහිපත් කරමින් බුදුන්වහන්සේ මංගල සුත‍්‍රයේ දී මිනිසාගේ වාසයට ජීවත්වීමට සුදුසු ප‍්‍රදේශයක වාසය කලයුතු බව දේශනා කර ඇත.
”ප‍්‍රතිරූප දේස වාසය”
තම ජීවිතය ගත කිරීම සදහා සුදුසු ප‍්‍රතිරූප දේශ වාසයක් තෝරාගත යුතු බව මෙසේ සදහන් කරයි. එකල සමාජ වටපිටාව සහ වර්තමාන සමාජය දෙස බලනවිට ජීවත්වීමට සුදුසු පරිසරයක් තෝරා ගැනීම දුෂ්කර කාර්බාරයකි. සංකීර්ණ සමාජ රටාවට අනුව තාක්ෂණික මෙන්ම වෙළද ලෝකයේ දවසින් දවස ඇති කරන පෙරලිකාර දියුණුවත් සමග පරිසරය ඔවුනට එතරම් වැදගත් සාධකයක් නොවේ. මහා පරිමාණ කර්මාන්ත ශාලා ඉදිකිරීමත් සමග පරිසරය එක්තරා කොන්කී‍්‍රට් වනාන්තරයකි. දුෂිත වායුව, අපවිත‍්‍ර වු ජලය මෙන්ම තොර තෝංචියක් නැති ශබ්ද දුෂණයන්ගෙන් පිරී ඇති වර්තමාන සමාජය තුල කුමන ස්වභාව සෞන්දර්යක් ද? මෙම ගැටලූකාරී තත්වය මත මිනිසාට ඉතිරිවී ඇත්තේ ලෙඩරෝග බහුල කායිකව මෙන්ම මානසිකව දුෂණය වෙමින් පවතින කෙටිකාලීන ජීවයක් පමණි. මෙම තත්ත්වය පෙර සිට අවබෝධ කරගත් අප මහා බෝසතානන් වහන්සේ පරිසරය හා මිනිස් ජීවිතයට ඇති බලපෑම පිළිබද තම දේශනයන්හි කොතෙකුත් තම ශ‍්‍රාවකයන්ට දේශනා කර ඇත.
සියලූ සංකල්පයන් මුදල මත තීරණය වන සමාජ රටාවක් මත මිනිසා තරඟ කරන්නට උත්සහ ගන්නේ මුදල් පුරවා ගැනීමේ සපුරාගත නොහැකි අසීමිත ආශාව මතයි. සංස්කෘතිකම වශයෙන් පරිපුර්ණ වු සමාජ සාරධර්ම තුරන් වී ගොස් විනය නොමැති දුෂිත සමාජයට බියෙන් වල්වැදී ඇත. විෂම සමාජ රටාවක් මත විනාශ වී යන වර්තමාන සමාජය තුල අප අද ජීවත්වන පරිසරය සම්පුර්ණයෙන්ම අපාරිශ‍්‍රද්ධ තත්වයකට පමුණුවා ඇත. මායාකාරී වු සර්වපිත්තල ලෝකයකින් හැඩකර ඇති වර්තමාන සමාජය තුල පරිසරයට ඇත්තේ පහළ වටිනාකමකි.
බුදුසමය පරිසරය හා සෘජු සම්බන්ධතාවයක් පවත්වා ඇත. සිද්ධාර්ථ කුමරුන් උත්තරීතර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමේ තිරසාර අදිටනින් තම නාගරික රජ සැපත අතහැරදමා ප‍්‍රවිශ්ඨ වුයේ සුන්දර වන පියසකටය. එම සුන්දර වන පියස උන්වහන්සේගේ සත්‍ය සෙවීමෙහි පුළුල් වු මහා විද්‍යාගාරය විය. එම ජීවී ලෝකය තුල සත්‍ය සොයා ගිය උන්වහන්සේට අවිද්‍යාව හෙවත් නොදැනීම නැමැති අන්ධකාරය දුරුකරන්නට හැකිවිය.
”චක්ඛුං උදපාදි, ඤානං උදපාදි, පඤ්ඤා උදපාදි
ඤාණං උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකා උදපාදි”
ධම්මචක්කප්පවත්තන සුත‍්‍රයේදී ඉහත ලෙස බුදුරදුන් පස්වග තවුසන්ට දේශනා කර ඇත්තේ තමන්වහන්සේගේ ප‍්‍රඥාව නැමති ඥානය උපයෝගීව සොයා ගන්නා ලද ආලෝක හෙවත් සත්‍ය මාර්ග පිළිබදවයි. සර්වඥ හෙවත් සියල්ල දැනගත් තත්වයට උන්වහන්සේ පත්වුයේ නේරංජන නදිය අසබඩ පිහිටි නිසොල්මන් සුන්දර පරිසරයේදී බවයිමෙම හේතු සාධකය මත යහපත් වු පරිසරයක වාසය කිරීම මිනිස් ජීවිතයට බෙහෙවින් හිතකර බව දේශනා කලහ .
යහපත් වු ජීව පරිසරයක් නිර්මාණය කර ගැනීමට අප විමසිලිමත් වියයුතු ආකාරය බුද්ධ දේශනයන් තුළින් පසක් වේ .මන්ද පරිසරය දුෂණය පුද්ගලයාගේ ජීවිතය කෙරෙහි බලපායි . එය අහස, පොළොව, ගංගා, ඇළදොළ මෙන්ම මහා සාගරය යන සෑම ඉසව්වක් කරා විහිදි යයි .ඒ සියල්ලෙහි වෙනස්වීම පරිසර දුෂණයට මෙන්ම ජීවිත තර්ජනයක්ද එකතු කරයි .එම නිසා පරිසරයේ පිරිසිදුබව ආරක්ෂා කිරීම තම ජීවිතය දිගුකාලයක් රදවා ගැනීමට හේතුවන අතර අපගේ අනාගත පරපුර උදෙසා ඉටුකලයුතු වගකීමක්ද වන්නේය .වන සම්පත මෙන්ම සත්ව සම්පතද ඇතුලූව සියලූ ස්වභාව සෞන්දර්යක්ම රැකගැනීම අපගේ ආරක්‍ෂාව ද තහවුරු කරන බව මතකයේ රදවා ගත යුතුය.
බුදුසමය භාරත දේශයේ පහළ වන විට පරිසර අර්බුදයක් නොපැවති අතර රමණීය මනහර පරිසර චමත්කාරයක් භාරත දේශයේ නාගරිකත්වය තුලද එකලෙස පැවතුනි .
”රමණීයානී අරඤ්ඤානි
යත්ථන රමණී ජනෝ
චීතරාගා රමෙස්සත්ති”
චීතරාගී පුද්ගලයන්ගේ මනස ඇදී ගියේ නිදහසින් පිරි එම රමණීය පරිසර වටපිටාව නිසාය. බුදුන්වහන්සේ ඇතුළු බුද්ධ ශ‍්‍රාවකයන්ද වැඩි වශයෙන් වැඩ වාසය කළේ මෙම රමණීය වනපෙදෙස ඇසුරු කරගෙනය. කෙලෙස් දුරලන වීතරාගීන්ගේ සිත ඇදී ගියේ මෙම වන ප‍්‍රදේශයේ පැවති යහපත් සෞන්දර්යාත්මක පාරිසරිකත්වය නිසාවෙනි .මේ අනුව බලන විට පරිසරය කෙතරම් අපගේ මනස හසුරුවන්නට බලපාන්නේ දැයි පැහැදිලිය.
බුදුදහමේ ඉගැන්වීමට අනුකූලව ස්වභාවික ලෝකයට අයත් හැමදෙයක්ම වෙනස්වීම් වලට ලක්වන අතර මිනිසා ජීවත්වන්නේ ද එම ස්වභාව ධර්මයේ නියමයන් මතය. එම නිසා ස්වභාවික ජීවි පරිසරයේ මනා පැවැත්ම මිනිසාගේ මනා හැඩගැසීම සදහා හේතුවන්නේය . එම නිසා එදා පරිසරය හා මිනිසා අතර පැවති වෙන්කල නොහැකි සදාචාරාත්මක සබැදියාව වර්තමාන සමාජය තුල ද නිර්මාණය කරගැනීම මත බොහෝ පාරිසරික ගැටළු නිරාකරණය කර ගැනීමට උපකාරී වේ . බ‍්‍රාහ්මණ යාග කර්මයන් මෙන් හෝම කර්ම පරිසර දුෂණයන්ට හේතුවීම මත බුදුන්වහන්සේගේ දැඩි විවේචනයන්ට භාජනය විය . බෞද්ධ ඉගැන්වීමට අනුව ශාක හා සත්ව සංරක්ෂණය ධාර්මිකබවේ සංකේතයක් වන්නේය .එය නිවැරදි බෞද්ධ සංකල්පය වන අතර එය අවබෝධ කර ගැනීම මිනිස් පැවැත්මට විශාල පිටිවහලකි.
බුද්ධ දේශනයන්ට අනුකූලව මෘග පක්ෂියාගේ සිට දැඩි රැකවරණ සැලසිය යුතු අතර රටේ පාලක සක්විති රජු අනුගමනය කලයුතු කාරණා චක්කවත්තී සීහනාද සුත‍්‍රයට අනුකූලව දේශනා කලේ පරිසර සුපරිශුද්ධතාවය හේතුවනි .එම නිසා වර්තමාන සමාජය තුල රටේ ජීවත්වෙන ජනතාව මෙන්ම පාලකයින්ද ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමට උරතබන්නේ නම් වර්තමාන ගැටළු හරි අඩකටත් එහා ප‍්‍රමාණයක් ස්වභාවිකවම විසදා ගතහැකි බව සිහිතබා ගතයුතුය. එය අනාගත පරපුරට යහපත් ජීවත්වීමේ ඉඩකඩක් නිර්මාණය කරයි.
hoda post akak parisaraya winasa karayanta therenawanam me winasaya
ReplyDeleteEka ettha.ekai liyanna hithuwe.
ReplyDelete"ගසක් වැලක් මලක් මවයි සොදුරු ලොවක්"
ReplyDeleteපරිසරය රැකගැනීම අප සැවොම සතු වගකීමකි,යුතුකමකි.
වටිනා ලිපියක්
warthamanaye katha kala yuthuma pathikadak.godak hodai
ReplyDeleteThanks dinu
DeleteThis comment has been removed by the author.
DeleteThanks sheha
ReplyDeleteGood post
ReplyDeletewedagath paniwidayak
ReplyDelete